සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.“ උර්වා අල් බාර්කී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී. එනම්: කුසල් හා යුධ භාණ්ඩ.“ පූර්ව සාධක සහිත හදීසයකි - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත