අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අබ්ස් අබ්දුර් රහ්මාන් ඉබ්නු ජබ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැ‌වරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“ صحيح - رواه البخاري
explain-icon

විවරණය

අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙමින් සිටිය දී තම දෙපා දූවිලිවලින් තැවරුනු තැනැත්තකු වී නම් අපා ගින්න ඔහුව ස්පර්ෂ නො කරන බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට ශුභාරංචි දන්වා ඇත.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙන්නා අපා ගින්නෙන් මිදෙන බවට වූ ශුභාරංචිය.
  • දූවිලි මුළු ශරීරයෙහි තැවරුණ ද මෙහි දෙපා සඳහන් කර ඇත්තේ, එම කාලයේ අරගලකරුවන් බහුතරයක් දෙනා පා ගමනින් ගමන් කළ බැවිනි. ඒ සෑම අවස්ථාවකම ඔවුන්ගේ පාද දූවිලිවලින් තැවරී තිබුණි.
  • ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: පාදයේ දුහුවිලි තැවරුණු පමණින් අපා ගින්න තහනම් කරන්නේ නම්, එසේ කැපවන, තම වෙහෙස වැය කරන, තම උත්සාහය කැප කරන උදවියගේ තත්ත්වය කෙසේනම් වනු ඇත් ද!
explain-icon

අමතර