හදීසයේ තේරුම: සැබැවින්ම නබි තුමාණන්ගේ සහගාමිකයෙකු කන්දක් අතර පිහිටි ප්රදේශයක් අසළින් ගමන් ගත්තේය. එම ප්රදේශයේ මිහිරි දිය සහිත උල්පතක් විය. එම උල්පත ඔහු මවිතයට පත් කළේය. ජනයාගෙන් වෙන් වී එම ස්ථානයේ රැඳී සිටිමින් අල්ලාහ්ට නැමදුම් කිරීමටත් එම උල්පතින් ජලය පානය කිරීමටත් ඔහුට කැමැත්තක් ඇති කළේය. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අනුමැතිය දෙන තෙක් මම එසේ සිදු නොකරමි යැයි පවසා සිටියේය. පසුව එතුමාට එය මෙනෙහි කළේය. එවිට එතුමා එසේ සිදු නොකරනු යැයි පවසා එයින් වැළැක්වූහ. හේතුව, යුද වැදීම ඔහු වෙත අනිවාර්යය වී තිබිණ. එසේ ඔහු අමතර දැයක් වෙනුවෙන් වෙන්වී යාම අනිවාර්යය දැයක් අතහැර දැමීමට බල කරනු ඇත. පසුව එතුමා, “නියත වශයෙන්ම එය ඔහු තම නිවසේ නැමදුම් කිරීමට වඩා අවුරුදු හැත්තෑවකට උතුම්ය“ යැයි පැවසූහ. එහි තේරුම: අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සලාතය සඳහා අවුරුදු හැත්තෑවක් වෙන්ව සිටීමට වඩා උතුම්ය යන්නයි. එයට හේතුව සලාතය මෙන් නොව ජිහාදය බොහෝ දෙනාට ඵල දෙන බැවිනි. සලාතය එය ඉටු කරන්නාට පමණක් ඵල දෙනු ඇත. අල්ලාහ් ඔබට සමාව දී, ඔබව ස්වර්ගයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔබ ප්රිය නොකරන්නෙහුද යන ප්රකාශය වනාහි, ඔබේ පාපයන් සඳහා අල්ලාහ් ඔබට සමාව දී ඔබව ස්වර්ගයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔබ ප්රිය කරන්නෙහු නම් අල්ලාහ්ගේ මාර්ගයේ ඉවසිලිවන්තයින් ලෙස හා කුසල් බලාපොරොත්තු වන්නන් ලෙසින් සටන් වැදීම ඔබට අනිවාර්යය වේ යන්නයි. පසුව එතුමා එහි මහිමය මෙසේ විස්තර කළහ. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ඔටු කිරි දොවන කාලයක ප්රමාණයට සටන් වදින්නේද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය. එනම්, අල්ලාහ්ගේ ප්රකාශය උසස් වනු පිණිස කවරෙකු ඔහුගේ මාර්ගයේ සටන් වදින්නේද ඔහු ස්වල්ප කාලයක් යුද්දයේදී සහභාගී වුවද ඔහුට ස්වර්ගය අනිවාර්යය වේ යන්නයි.