කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුට අවශ්‍ය ගමන් පහසුකම් මෙන්ම ඔහුට අවශ්‍ය ආයුධ, ප්‍රවාහන පහසුකම්, ආහාර, වියහියදම් හා එවැනි අවශ්‍යතා සපුරා දුන්නේද ඔහු ද රණ ශූරයකුගේ නිලයට පත් වන්නේය. යුද්ධයේ ප්‍රතිඵල ඔහු ද ලබනු ඇත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ කටයුතු භාරගෙන ඔහු වෙනුවට ඔහු නොමැති කාලය තුළ ඔහුගේ පවුල රැකබලා ගත්තේ ද සැබැවින්ම ඔහු ද රණ ශූරයාගේ නිලයෙහි සිටිනු ඇත.