අබූ උමාමා-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! වන්දනා ගමනක නිරත වන්නට මට අවසරය දෙනු යැයි මිනිසෙකු පවසා සිටියේය. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.“යැයි පවසා සිටියහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සැබැවින්ම නැමදුම් සීමා කරන ලද්දකි. ෂරීආව සීමා කළ ක්රමයට අනුව මිස එය ඉටු කිරීම මුස්ලිම්වරයාට අනුමත නොවන්නේය. එහෙයින් වන්දනා කරනු පිණිස මහපොළොවේ සැරිසැරීමට අපේක්ෂා කළ මිනිසා දෙස බලා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: සැබැවින්ම මෙය කිතුනුවන්ගේ ක්රියාදාමයකි. මහපොළොවේ වන්දනා ගමන යනු එහි ඉස්ලාමය ප්රචාරය කිරීමය. ඉස්ලාමිකයින් අතර වන්දනා ගමන යනු අල්ලාහ්ගේ දහම උසස් කරනු පිණිස අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමය යැයි පවසා සිටියහ.