අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යුද්ධයෙන් හැරී නැවත පැමිණීම යුද වදින්නාක් මෙනි.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

තම ගැත්තන් නැමදුම් ඉටු කරන අවස්ථාවෙහි අල්ලාහ් ඔවුන් කෙරෙහි දක්වා ඇති භාග්යය මෙම හදීසයේ විස්තර කර ඇත. එහි කැපවී කටයුතු කරන අවස්ථාවේ ඔවුනට කුසල් පිරිනමනු ලබනවාක් මෙන්ම එය ඉටු කිරීමෙන් පසුව නැවත හැරෙන අවස්ථාවේදීද කුසල් පිරිනමනු ලබනු ඇත. එහෙයින් යුද්ධයෙන් හැරී එන්නා යුද්ධ කරන්නාක් මෙනි යැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා සිටියහ. ඒ දෙකම කුසල් ලැබීමෙහි සමානය. එය මස්ජිදය වෙත පාගමනින් ගොස් නැවත තම පවුල වෙත හැරී එන්නාට ප්රතිඵල ලියනු ලබනවාක් මෙනි.

explain-icon

අමතර