මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු ඇතැම් යුතුකම් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. එම යුතුකම්වලින් පළමුවැන්න: ඔබට සලාම් පවසන උදවියට ඔබත් ප්‍රතිචාර වශයෙන් සලාම් පැවසීම. දෙවන වගකීම: රෝගියාගේ සුවදුක් විමසීම හා බැහැදැකීම. තුන්වන වගකීම: මිය ගිය තැනැත්තාගේ නිවසේ සිට සලාතය ඉටු කර මිනීවලෙහි තැන්පත් කරන දක්වා, එම දේහයේ අවසන් කටයුතු පසුපසින් යෑම. හතරවන වගකීම: මනමාලයකුගේ වලීමා සංග්‍රහයකට හෝ වෙනත් සංග්‍රහයකට ඇරයුම් කරන විට එම ආරාධනය පිළිතුරු සැපයීම. පස්වන වගකීම: කිඹුහුම් ගිය කෙනාට පිළිතුරු සැපයීම. එනම්: "ඔහු අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය) යැයි පැවසූ විටෙක, ඔහුට "යර්හමුකල්ලාහ්" (අල්ලාහ් ඔබට කරුණා කරත්වා!) යැයි පැවසීම. පසුව කිඹුහුම යැවූ කෙනා නැවතත් ඔහුට: "යහ්දීකුමුල්ලාහ් වයුස්ලිහු බාලකුම්" (අල්ලාහ් ඔබට යහමග පෙන්වා ඔබේ සියලු තත්ත්වයන් යහපත් කරත්වා!) යැයි පැවසීමය.