අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අලී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "උදෑසන මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසා සිටින්නේ නම් මලක්වරු හැත්තෑ දහසක් දෙනා සවස්වරුව දක්වා ඔහුට ප්රාර්ථනා කරනු මිස නැත. සවස් කාලයේ ඔහුගේ සුවදුක් විමසා සිටියේ නම් උදෑසන දක්වා මලක්වරු හැත්තෑ දහසක් දෙනා ප්රාර්ථනා කරනු මිස නැත. තවද ඔහුට ස්වර්ගයේ අස්වැනුද ඇත. පූර්ව සාධක සහිත හදීසයකි - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මෙම හදීසයේ තේරුම: සැබැවින්ම මිනිසා තම රෝගී සහෝදරයකුගේ සුවදුක් විමසා සිටියේ නම් ඔහු ස්වර්ගයේ අස්වැනු අතර වන්නේය. එනම් ස්වර්ගයේ නෙළාගන්නා දෑ අතර වන්නේය. අල්ලාහ්ගේ භාග්යය අති විශාලය. එය රෝගියාගේ සුවදුක් විමසීමේ මහිමය පෙන්වා දෙයි. උදෑසන එසේ සිදු කළ විට එහි කුලිය ඔහුට හිමිවනු ඇත. එමෙන්ම සවස් කාලයේ සිදු කළ විට ද ඔහුට එම කුලිය හිමිවනු ඇත.

explain-icon

අමතර