දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය: දුප්පත් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා රැගෙන මා වෙත යමක් ඉල්ලා පැමිණියාය. එවිට මම ඇයට කෑමට රට ඉඳි තුනක් දුන්නෙමි. ඇය ඇගේ දියණියන් දෙදෙනාගෙන් එක් එක් අයට රට ඉඳිය බැගින් දුන්නා ය. ඉන්පසු ඇය ඉතිරි රට ඉඳිය කෑමට ඇගේ කට ළඟට එසවූවාය. නමුත් ඇය අනුභව කරන්නට සිතූ එම රට ඉඳිය ඇගේ දියණියන් දෙදෙනා ඇගෙන් ඉල්ලා සිටියෝය. එවිට ඇය ඔවුන් දෙදෙනා අතර එම රට ඉඳිය බෙදා දුන්නාය. ඇගේ ක්‍රියාව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියව මවිතයට පත් කළේය. පසුව එම කාන්තාව සිදු කළ දෑ අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඇය මෙනෙහි කළා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: සැබැවින්ම අල්ලාහ් එම රට ඉඳිය හේතුවෙන් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය.