අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප ක්‍රියාව කුමක් දැ?’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: ‘අල්ලාහ් නියම කර ඇති වේලාවන්හි අනිවාර්යය කරන ලද සලාත් ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. 'පසුව, දෙමව්පියන්ට උපකාර කිරීම, ඔවුනට උවටැන් කිරීම, ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම, ඔවුනට හිංසා පීඩා නොකිරීම ’ යැයි පැවසූහ. සර්ව බලධාරී අල්ලාහ්ගේ වචනය උසස් කරවනු පිණිසත් ඉස්ලාම් ආගම හා එහි වැසියන් ආරක්ෂා කරනු පිණිසත් එහි අනන්‍යතාව ඉස්මතු කරනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ය. එය ජීවිත හා ධනය කැප කිරීමෙන් සිදු කරන්නකි. මෙම ක්‍රියාවන් ගැන මට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටියේය. වැඩි දුරටත් මම එතුමාණන්ගෙන් විමසා තිබුණේ නම් මට ඊට වඩා වැඩි යමක් එතුමාණන් විසින් පවසන්නට තිබුණි යැයි ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා පවසා සිටියේය.