ඥාතීන් බැහැදැකීම, ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් ඔවුනට උපකාර කිරීම හා එවන් වෙනත් කටයුතු තුළින් ඥාතී සම්බන්ධකම් රැක ගැනීම සම්බන්ධයෙන්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උනන්දු කර ඇත. සැබැවින්ම එය පෝෂණ සම්පත් හි විස්තීරණභාවය හා දිගු ආයුෂ ලබන්නට හේතුවන්නේය.