නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි කල්හි, මිනිසුන් එතුමාණන්ව දැක ගන්නට එතුමාණන් දෙසට දිව ගියෝය. එසේ එතුමාණන් වෙත දිව ගිය අය අතරින් අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා ද එක් අයෙකි. හෙතෙම යුදෙව්වෙකු විය. එතුමාණන්ව ඔහු දුටු කල්හි එතුමාණන්ගේ මුහුණෙහි බොරුකාරයකුගේ මුහුණක් දකින්නට නොතිබූ බව හදුනා ගත්තේය. එතුමාණන්ගේ මුහුණෙහි ආලෝකය, අලංකාරය, සැබෑ කීර්තිය දිස් විය. ඔහු එතුමාණන්ට සවන් දුන් පළමු කරුණ වූයේ ස්වර්ගයට පිවිසීමට හේතු වන ක්‍රියාවන් පවසා ජනයා දිරිමත් කිරීම ය. පළමුවැන්න: සලාමය පැතිරවීම, එය හෙළි කිරීම, හදුනන අය හා නාදුනන අය වෙත අධික ව සලාම් පැවසීම ය. දෙවැන්න: දානය, ත්‍යාගය හා සත්කාරය තුළින් ආහාර සැපයීම. තුන්වැන්න: ඔබේ පියා හෝ මව් පාර්ශවයෙන් ඔබට ඥාතී වන හෝ සමීප සම්බන්ධතා ඇති අය සමග ඥාතී සම්බන්ධකම් පැවැත්වීම. සිව්වැන්න: මිනිසුන් නිදියමින් සිටියදී රාත්‍රියේ අවදි ව, අතිරේක සලාතයන් ඉටු කිරීම.