අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.” බුහාරිහි සඳහන් හදීසයක "කුඩා අය වැඩිහිටියාටත්, ගමන් කරන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.” صحيح - متفق عليه
explain-icon

විවරණය

ජනතාව අතර සලාම් නම් සුභ පැතුම පවසන ආකාරයේ විනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මඟ පෙන්වූහ. එනම්: "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" කුඩා වියේ පසුවන අය වැඩිහිටියාටත්, වාහනයක ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පැවසිය යුතු වේ.

explain-icon

හදීසයේ හරය

  • හදීසයේ සඳහන් පරිදි සලාම් පැවසීම සතුටු දායකය. පා ගමන්කරු වාහනයක ගමන් කරනනාට සලාම් පැවසීම හෝ සඳහන් කරන ලද දෙයට වෙනස්ව සලාම් පැවසීම සිදු වුව ද එය අනුමත වන්නේය. නමුත් එය වඩාත් හොද හා වඩාත් ශ්‍රේෂ්ඨ දැයට පටහැනිය.
  • හදීසයේ සඳහන් ක්‍රමය මත පදනම් ව සලාමය පතුරුවා හැරීම ආදරය හා ලෙන්ගතුකම ඇතිවීමට හේතු වන්නේය.
  • සඳහන් කරනු ලැබූ දෑහි දෙදෙනාම එක සමාන වූයේ නම් හෝ එකම තත්ත්වයක පසු වූයේ නම්, ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ සලාමය පළමුව පවසා ආරම්භ කරන්නාය.
  • මිනිසාට අවශ්‍ය සියලුම දෑ පැහැදිලි කිරීමෙහි මෙම ෂරීආ පිළිවෙත පරිපූර්ණත්වයට පත්ව ඇත.
  • සලාමයේ විනය කියා දීම හා සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ උරුමය පිරිනැමීම.
explain-icon

අමතර