මික්දාද් තුමා හා ඔහු සමග සිටි මිතුරෝ -රළියල්ලාහු අන්හුම්- එළු කිරි දොවා ඔවුන්ගේ කිරි පංගුව පානය කොට, සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පැමිණ එය පානය කරන තෙක් එතුමාගේ පංගුව වෙන් කර තබති. පසුව ඔවුන් රාත්රියේ නිදාගෙන සිටියදී එතුමාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් වෙත පැමිණ හඬ උස් නොකර, පහත් හඬින් ඔවුනට සලාම් පැවසූහ. එය නිදන්නා අවදි කරවන අයුරින් නොවීය. එමෙන්ම එය ඔවුන් අතුරින් අවදිව සිටින්නාට ඇසෙන්නට තරම් විය.