යටහපත් පහත් භාවය, සියලුම ජනයා වෙත සලාම් පැවසීම, යනාදිය මෙම හදීසයේ පෙන්වා දෙයි. නබි තුමාගේ යටහත් පහත් භාවය මෙහි විස්තර කර ඇත. එතුමාණෝ කුඩා දරුවන් අසළින් ගමන් කරන විට ඔවුන් වෙත සලාම් පවසන්නෙකු වූහ. සහාබාවරුද එතුමාව අනුගමනය කළහ. අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා දරුවන් අසළින් ගමන් ගත්හ. එවිට ඔවුන් වෙත එතුමා සලාම් පැවසූහ. ඔවුන් සෙල්ලම් කරමින් සිටියදී ඔවුන් පසුකරමින් කඩවීදියට ගිය විට ඔවුන් වෙත සලාම් පැවසූහ. එතුමා මෙසේ පවසා සිටියහ. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාද එසේ සිදු කරන්නෙකු වූහ. එනම් දරුවන් අසළින් ගමන් කරන විට ඔවුන් වෙත සලාම් පැවසූහ. මෙය යටහපත් පහත් භාවයේ හා සදාචාරයේ ගුණාංග අතුරින් වූවකි. එමෙන් පුහුණු කිරීමේ හා යහපත් ඉගැන්වීමේද මග පෙන්වීමකි. මිනිසා ඔවුන් වෙත සලාම් පැවසූ විට එය ඔවුන් පුරුද්දක් බවට පත් කර ගනිති. එය ඔවුන්ගේ සිත් තුළ උනන්දු කරවීමක් වනු ඇත.