කුහකයින් ගැන හා ඔවුන් සලාතයට සහභාගී වීමේ දී විශේෂයෙන් ඉෂා හා ෆජ්ර් සලාත් දෙකට සහභාගී වීමේ දී ඔවුන් දක්වන මැලිකම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මුස්ලිම්වරු සාමුහිකව ඒ දෙක ඉටු කිරීම සඳහා සහභාගී වීමේ ප්‍රතිඵල සහ කුසල් ගැන ඔවුන් දැනුම්වත් වන්නේ නම්, දරුවකු අත් දෙකෙන් හා දණින් දණ ගසා පැමිණෙන පරිදි ඔවුන් ද දණ ගසා හෝ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. සලාතය සඳහා නියෝග කරනු ලැබ ඒ සඳහා ඉකාමත් ද කියනු ලැබ තම ස්ථානයේ හිඳ ජනතාවට සලාතය මෙහයවන මිනිසෙකු නියම කර පසුව එතුමාණන් පිරිවරා දරමිටි ඔසවා ගත් පිරිසක් සමග පිටත්ව ගොස් සාමුහික සලාතයට සහභාගී නොවූ මිනිසුන්ගේ නිවෙස් ගින්නෙන් පුළුස්සා දැමීමට එතුමාණෝ තරයේ සිතා ගත්හ. හේතුව එහි ඇති වරදේ බරපතලකම නිසාවෙනි. -නමුත් එතුමාණෝ එසේ සිදු නොකළහ.- හේතුව එහි කාන්තාවන් හා අසරණ දරුවන් හා නිදහසට කරුණු ඇති වෙනත් අයද එහි වෙසෙන බැවිනි. ඔවුනට එහි පාපය නැත.