අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් මිස අපට දේශනා කළේ නැත. එනම්: "කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ආගමක් නැත." حسن لغيره - رواه أحمد
explain-icon

විවරණය

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි: කරුණු දෙකක් මෙනෙහි කිරීමෙන් තොරව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙසක් හෝ දේශනාවක් කිරීම විරල විය. පළමුවැන්න: තමන් භාරයේ තබන ලද කිසිවකුගේ ධනය, ජීවිතය හා පවුල සම්බන්ධයෙන් වංචාවක් සිදු වන්නේ ද එවන් අයකුට පූර්ණ දේව විශ්වාසය නැත. දෙවැන්න: කවරෙකු ගිවිසුම්, ප්‍රතිඥා කඩ කරමින් ඒවායෙහි වංචනික ලෙස කටයුතු කරන්නේ ද ඔහුට පූර්ණ ආගමක් නැත.

explain-icon

හදීසයේ හරය

  • පැවරුම් ඉටු කිරීමටත් ගිවිසුම් පූර්ණවත් කිරීමටත් දිරි ගැන්වීම. මක්නිසාද යත් ඒවා කඩ කිරීමෙන් දේව විශ්වාසය කඩ වී යන බැවිනි.
  • පවරුම් හි වංචනිකව කටයුතු කිරීම හා ගිවිසුම් කඩ කිරීම ගැන දැඩි අවවාදය. සැබැවින්ම ඒවා මහා පාපකම් අතරිනි.
  • අල්ලාහ් හා ඔහුගේ ගැත්තා අතර පවතින ගිවිසුම් හා පැවරුම් මෙන්ම මැවීම් අතරින් ඔවුන් එකිනෙකා අතර පවතින ගිවිසුම් හා වගකීම් ඉටු කිරීම මෙම හදීසය ආවරණය කර ගෙන ඇත.