මෙම හදීසයේ නබි තුමාගේ පැහැදිළි වර්ණනාවක් හා පැහැදිලි උපමාවක් සඳහන්ව ඇත. තම මුස්ලිම් සහෝදරයා සම්බන්ධයෙන් මුස්ලිම්වරයකුගේ ස්ථාවරය එතුමා පැහැදිලි කරයි. එමෙන්ම ඔහුට කළ යුතු යුතුකම් නියම කරයි. ඒ අනුව ඔහු දැහැමි ගතිගුණ වෙත ඔහුට මඟ පෙන්වා ඔහු එය සිදු කරයි. නපුරුගති ගුණ ඔහුට පෙන්වා දී එයින් ඔහු වැළකෙයි. ඔහු ඔහුට සැබෑ ස්වරෑපය දකින කැඩපත මෙනි. දේව විශ්වාසවන්තයාට උපදෙස් දීමේ අනිවාර්යභාවයට මෙය උපකාරී වෙයි. තම සහෝදරයාගේ අඩුපාඩුවක් හො වරදක් දුටු විට ඒ පිළිබඳ සැළකර සිටියි. එය නිවැරැදි කර ගන්නට මග පෙන්වයි. නමුත් එය ඔහු හා මොහු අතර පමණි. හේතුව ප්රසිද්ධියේ පිරිසක් අතර එසේ උපදෙස් දීම අශීලාචාර දෙයක් වන බැවිනි.