දිවෙන් ඇතිවන අනතුරුවලින් ප්රවේසම් වන පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇත. ‘පාපතර පුද්ගලයකුට නියතවශයෙන්ම අල්ලාහ් සමාව නොදෙන බවට දිවුරා සිටි පුද්ගලයකු වනාහි, ඔහු අල්ලාහ්ට එරෙහිව තීන්දු කළ හා ඔහුව හෙළා දුටු අයකු මෙනි. ඊට හේතුව ඔහුගේ සිත තුළ අල්ලාහ් ඉදිරියේ පවතින ගෞරවය භාග්යය හා තත්ත්වය ගැන විශ්වාස කර සිටි බැවින් හා පාපකම් සිදු කරන්නා අවමානයට පත් කළ බැවිණි. මෙය අල්ලාහ් පහත් කිරීමක් හා ඔහු සමග අවිනීතව හැසිරීමකි. ඒ හේතුවෙන් එම පුද්ගලයාට මෙලොව මෙන්ම මතුලොවෙහි ද අභාග්යය අලාභය නියම වනු ඇත.