අල්-හදීස් අල්-කුද්සි හෙවත් දිව්‍ය වචන සහිත නබි ප්‍රකාශයක උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. "මිනිසා මට හිංසා කරයි. දොස් නගයි. එය ව්‍යසන හා විපර්යාසයන් පහළ වන අවස්ථාවේ ඔහු කාලයට බැණ වදිමින් හා දොස් නගිමිනි. මක්නිසාද යත් සැලසුම් කරන්නා සුවිශුද්ධ අල්ලාහ් පමණක් වන බැවින් හා සිදුවන දෑ ක්‍රියාත්මක කරන්නා ඔහු වන බැවිනි. එබැවින් කාලයට දොස් නැගීම යනු සර්වබලධාරී අල්ලාහ්ට දොස් නැගීමකි. කාලය වනාහි සැබැවින් එය වසඟ කර දෙනු ලැබූ මැවීමකි. එහි සිදුවීම් ක්‍රියාත්මක වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය මත ය."