අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි." صحيح - متفق عليه
explain-icon

විවරණය

ව්‍යාපාර ගනුදෙනුවලදී සත්‍යය වුව ද අධික ලෙස දිවුරා සිටීම සම්බන්ධව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එය භාණ්ඩවල ජනප්‍රියතාව සඳහා කෙරෙන හේතු සාධයක් බව ද දන්වා සිටියහ. සැබැවින්ම එය ඉපැයීමේ සහ ලාභයේ සමෘද්ධිය හීන කිරීමක් හා අහිමි කිරීමකි. සොරකමට ලක්වීම, ගිනිබත්වීම, දියේ ගිලීයාම, කොල්ලකෑම, මංකොල්ලය හෝ දේපළ විනාශ කළ හැකි වෙනත් ක්‍රම මගින් ඔහුව විනාශ කළ හැකි දෑ සර්වබලධාරි අල්ලාහ් ඔහු මත පැටවිය හැක.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ් මත දිවුරා සිටීම බරපතල කරුණකි. එබැවින් අවශ්‍යතාවකට හැර එසේ නොකළ යුතුය.
  • තහනම් ඉපැයීම් එහි ප්‍රමාණය අධික වුව ද, සැබැවින්ම එහි සමෘද්ධිය ඉවත් කරනු ලබන අතර එහි කිසිදු යහපතක් දැක ගත නොහැකි වේ.
  • කාරී තුමා මෙසේ පවසයි: "උපයන දෑහි අභිවෘද්ධිය පහව යනු ඇත. එක්කො ඔහුගේ ධනය විනාශ කර දමන යමක් එකතු වීමෙන් හෝ මෙලොව ඔහුට ප්‍රයෝනජවත් නොවන හෝ මතුලොවෙහි ද ඔහුට කුසල් හිමි කර නොදෙන කරුණක් සඳහා වියදම් කිරීමෙන් හෝ තමන් සමඟ තැන්පතුවෙහි තිබුණ ද එහි ප්‍රයෝජනය අහිමි කිරීමෙන් හෝ ඔහුට ස්තූති නොකරන උදවියට එහි උරුමය ලබා දීමෙන් හෝ විය හැක."
  • නවවි තුමා මෙසේ පවසයි: "ව්‍යාපාර ගනුදෙනුවක අධික ලෙස දිවුරා සිටීමේ තහනම මෙහි පවතී. අවශ්‍යතාවක් නැති දෙයකට දිවුරා සිටීම පිළිකුල් සහගතය. භාණ්ඩය ප්‍රවර්ධනය කිරීම ද එයට එකතු වේ. ඇතැම් විට එම දිවුරීම තුළින් ගැණුම්කරු රැවටීමට ලක් කරනු ඇත.
  • අධික ලෙස දිවුරා සිටීම ඊමාන් හෙවත් දේව විශ්වාසයේ ඌනතාවයකි. තව්හීද් හෙවත් දේව ඒකීයකරණයේ අඩුවීමකි. සැබැවින්ම අධික ලෙස දිවුරා සිටීම කරුණු දෙකක් වෙත යොමු කරයි. පළමුවැන්න: එහි ලිහිල්වීම සහ උදාසීන වීමය. දෙවන කරුණ: බොරුවයි. කවරෙකුගේ දිවුරීම් වැඩි වූයේ ද ඔහු බොරුව තුළට ඇද වැටෙයි. එවිට ඒ සම්බන්ධව හීනමානයක් ඇති වනු ඇත. එසේ අධිකව දිවුරා නොසිටීම දේව විශ්වාසයෙන් කොටසකි. සුවිශුද්ධයාණෝ මෙසේ පවසා ඇත්තේ එබැවිනි. (ඔබේ දිවුරීම් ඔබ ආරක්ෂා කර ගන්න.) (අල්-මාඉදා: 89)
explain-icon

අමතර