උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ මෙලොව හා මතුලොවෙහි ආරක්ෂාවට හේතුවන කරුණු පිළිබඳ විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ 'කරුණු තුනක් සම්බන්ධයෙන් ඔබ වැළකී සිටිය යුතු' බව පවසා සිටියහ. පළමුවැන්න: යහපතක් නැති හා හිංසනීය සෑම ප්‍රකාශයකින්ම ඔබේ දිව ආරක්ෂා කර ගන්න. යහපත හැර වෙනත් කිසිවක් කතා නොකරන්න. දෙවැන්න: හුදෙකලාවෙහි අල්ලාහ්ව නැමදීම සඳහා ඔබේ නිවසේ රැඳී සිටින්න. අල්ලාහ්ට අවනතවන කටයුතුවල නිරත වන්න. අර්බුදවලින් ඈත් වී ඔබේ නිවසේ රැඳී සිටින්න. තුන්වැන්න: ඔබ කළ පාපයන් ගැන පසුතැවිලි වී හඬා වැළපෙමින් පාපක්ෂමාවෙහි නිරත වන්න.