උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා මහා බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම -අල්ලාහ්ගේ දූතයාණන් මදීනාවට හිජ්රත් කිරීමට පෙර මක්කාවේ රැඳී සිටියදී- මිනාහි අකබා රාත්‍රියේ දී අල්ලාහ්ගේ දූතයාණන් හට තමන් උදව් කරන මෙන් ප්‍රතිඥා දීමට පෙරමුණ ගත් අය අතරින් ඔහුගේ ප්‍රජාවේ ප්‍රමුඛ අයෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සහාබාවරුන් අතර වාඩි වී සිටිය දී කරුණු කිහිපයක් මත තමන්ට ප්‍රතිඥා දෙන මෙන් එතුමාණෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. පළමුවැන්න: සුළු ප්‍රමාණයෙන් වුව ද අල්ලාහ්ට නැමදුමෙහි කිසිවක් ඔවුන් ආදේශ නොකරන බවටත්, දෙවැන්න: ඔවුන් සොරකම් නොකරන බවටත්, තුන්වැන්න: කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, සිව්වැන්න: ඔවුන්ගේ පිරිමි දරුවන් දිළිඳුකමට බියෙන් හා ගැහැණු දරුවන් ලැජ්ජාවට බියෙන් ඔවුන් මරා නොදමන බවටත්, පස්වැන්න: ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් ගොතන ලද බොරු නො ගෙනන බවටත්, සෙසු ශරීර අවයව එහි හවුල් වුව ද බොහෝ විට එම ක්‍රියාවන් සිදුවනුයේ ඒ දෙක තුළිනි. හයවැන්න: යහපත් කටයුතුවලදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පිටු නොපාන බවටත් ය. කවරෙකු එම ප්‍රතිඥාව මත පදනම්ව ඒවා පිළිපදින්නේ ද ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. -ෂිර්ක් හෙවත් දේව ආදේශය හැර- සඳහන් කරන ලද දැයින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි ඔහුට දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. එය ඔහුට ප්‍රතිකර්මයක් වන අතර පාපය ඔහුගෙන් ඉවත් වීමට රුකුලක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූ කරුණක් වන්නේය. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් දෙනු ඇත. පසුව සහභාගි වී සිටි සියලු දෙනා ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්හ.