සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පශ්චාත්තාප වී සමාව අයැදීම පිළිගන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ගැත්තා දවාලේ පාපයක් සිදු කර රාත්‍රියේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් ඔහුගේ පාපක්ෂමාව පිළිගනු ඇත. එමෙන්ම රාත්‍රියේ පාපයක් සිදු කර දහවලේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම් අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු ඇත. පශ්චාත්තාපය ගැන සතුටු වී එය පිළිගන්නට සුවිශුද්ධයාණන් තම අත දිගු හරයි. මොලො විනාශ වී යෑම දැනුම් දීමක් ලෙස හිරු අවරින් පායන තෙක් පාපක්ෂමාවේ දොරටු විවෘතව පවතී, එය උදා වූයේ නම් එවිට සැබැවින්ම පාපක්ෂමාවේ දොරටුව වැසී යනු ඇත.