අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාවෙහි නිරත වන්නෝය.” හසන් ගණයට අයත් හදීසයකි - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මිනිසා සහජයෙන්ම දුබල ගතියෙන් මවා ඇති බැවින් ද තමාට කියන දේ කිරීමෙහි හා තහනම් කළ දේ අතහැරීමෙහි තම ස්වාමියාට යටත් නොවන බැවින් ද ඔහු වැරදි කිරීමෙන් නිදහස් නොවන නමුත් සර්වබලධාරි දෙවියන් සිය ගැත්තන්හට පසුතැවිලි වීමේ දොරටුව විවර කර ඇත. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාව අධික ලෙස පතන්නෝ යැයි ද දන්වා ඇත.

explain-icon

හදීසයේ හරය

  • වැරදි කිරීම, පාපයේ වැටීම ආදම්ගේ දරුවන් නොහොත් මිනිසාගේ ස්වභාවයකි. දේව විශ්වාසියෙකුට අනිවාර්යය වනුයේ යම් පාපයක නියැළුණු විට තව්බාව නොහොත් පාපක්ෂමාව සඳහා යුහුසුළු වීමය.