අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ දන්වා සිටියි. අල්ලාහ්ගේ ගැත්තෙකු ඔහුගේ නියෝග හදවතින්ම පිළිගෙන අවංක ලෙස පිළිපැද ඔහුට අවනත වී ඔහු වෙත නැඹුරු වීම තුළින් ඔබ අතරින් කිසිවකු හෝ ඔහු අවට ආහාර පාන හෝ කිසිදු මිනිසෙකු හෝ නොමැති පාළුකරයක සිටියදී නැති වී ගිය ඔහුගේ ඔටුවා හමුවීමෙන් ලැබෙන සතුටට වඩා අල්ලාහ් සතුටට පත් වන්නේය. පසුව ඔහු ඌ සොයන්නට ගත්ත ද ඌ ඔහුට නොලැබෙයි. අනතුරුව ඔහු ගසක් වෙත ගොස් මරණය බලාපොරොත්තුවෙන් යුතුව එම ගස යට නින්දට වැටෙයි. ඔහුගේ ඔටුවා ගැන තිබූ බලාපොරොත්තු ද සුන් විය. ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු ද සුන් විය. එය ඔහුගේ ආහාර පාන සමගම ඔටුවා නැති වී ඇති බැවිණි. ඔහු එසේ සිටියදී එකවරම ඔහු ඉදිරියේ ඔහුගේ ඔටුවා හමුවෙයි. ඔහු නිදාසිටි ගසෙහි උගේ තෝන් ලණුව ගැට ගසයි. මෙම සතුටෙහි ප්රමාණය වෙනත් කිසිවක තිබිය හැකි ද? මෙම සතුට මෙවන් තත්ත්වයකට වැටුණු අයකුට හැර වෙනත් කිසිවකුට නිරූපණය කළ නොහැක. එය ඉමහත් සතුටක් වන බැවිනි. එය මරණය අත්වීමෙන් පසු ජීවය ලැබීමේ සතුටය. එබැවින් ඔහු කඩිවාලම ගෙන “අහෝ අල්ලාහ් ඔබ මාගේ පරමාධිපතිය. මම ඔබේ ගැත්තාය” යැයි ඔහු අල්ලාහ්ට ප්රශංසා කිරීමට සිතුවේය. නමුත් දැඩි සතුට හේතුවෙන් එය වැරදී ‘ඔබ මාගේ ගැත්තාය. මම ඔබේ පරමාධිපතිය යැයි පවසන්නට විය.