අපරාධය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මිනිසුනට අපරාධ කිරීම, තමන්ටම අපරාධ කර ගැනීම හා උත්තරීතර අල්ලාහ්ගේ අයිතිය තුළ අපරාධ කිරීම ඉන් කිහිපයකි. එනම් ඔහුගේ අයිතිය තුළ පිරිනැමිය යුතු සෑම අයිතියක්ම පැහැර හැරීමය. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ පුද්ගලයාට ඇතිවන බියකරු හා දැඩි සිදුවීම් අතරින් අත්වන අපරාධ වේ. තවද මසුරුකමින් ද එතුමාණෝ වැළැක්වූහ. එය තණ්හාවෙන් යුතු දැඩි ලෝභකමය. මූල්‍යමය වගකීම් ඉටු කිරීමෙහි සිදු කරන අඩුපාඩු හා මෙලොවෙ කටයුතු සදහා වන දැඩි ආශාව ඒ අතරින් වෙති. මෙම වර්ගයේ අපරාධ අපට පෙර විසූ සමූහයන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.