පිරිමියා පිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීම හෝ කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. අව්රා හෙවත් රහස්‍ය පෙදෙස් යනු: එය හෙළි වූ විට ලැජ්ජාවට පත්වන කොටසය. පිරිමියාගේ අව්රතය ඔහුගේ ඉණ හා දණහිස් දෙක අතර කොටසයි. කාන්තාවට පිටස්තර පිරිමියා හමුවේ ඇගේ මුළු ශරීරයම අව්රා වේ. නමුත් කාන්තාවන් හා ඇගේ මහ්රම් ඥාතීන් හමුවේ ඇය නිවසේදී වැඩ කරන අවස්ථාවේ පුරුදු පරිදි ප්‍රදර්ශණය වන දෑ ප්‍රදර්ශනය කරනු ඇත. පිරිමියා තවත් පිරිමියකු සමග එකම ඇඳුමක හෝ එකම පොරෝණයක තනිවී වෙන්ව සිටීමත්, කාන්තාව තවත් කාන්තාවකු සමග එකම ඇඳුමක හෝ එකම පොරෝණයක තනිවී වෙන්ව සිටීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම එය සෑම කෙනෙකුම අනෙකාගේ රහස්‍ය පෙදස් ස්පර්ශ කිරීමේ තත්ත්වයට ගෙන යන බැවිනි. ඇයව බැලීම තහනම් මෙන්ම ස්පර්ශ කිරීම ද තහනම් කරන ලද්දකි. එය මහත් දූෂිත ක්‍රියාවන් වෙත යොමු කරන බැවින් එහි තහනම වඩාත් බරපතලය.