අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න." صحيح - رواه أبو داود والترمذي وابن ماجه
explain-icon

විවරණය

පිරිමි සුදු පැහැති ඇඳුම් අඳින මෙන් ද මිය ගිය ඇත්තන් එහි කෆන් කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මග පෙන්වූහ. මක්නිසාද යත් එය උතුම් ඇඳුමක් වන බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • සුදු ඇඳුම් ඇඳීම සතුටුදායකය. වෙනත් වර්ණයෙන් යුත් ඇඳුම් ඇඳීමටත් අවසරය ඇත.
  • මිය ගිය ඇත්තන් සුදු රෙද්දෙන් කෆන් කිරීම (එතීම) සතුටු දායකය.
  • ෂව්කානී තුමා මෙසේ පවසයි. "සුදු ඇඳුම් ඇඳීම හා මිය ගිය ඇත්තන් එමගින් කෆන් කිරීම ආගාමානුගත බව මෙම හදීසය පෙන්වා දෙයි. මක්නිසාද යත් එය වෙනත් දෑට වඩා පිවිතුරු හා යහපත් වන බැවිනි. එය වඩාත් යහපත් වන්නේ මතුපිටිනි. එය වඩාත් පිවිතුරු වන්නේ එහි සුළු දෙයක් වැටුණ ද එය පැහැදිලිව පෙනෙන බැවිනි. එබැවින් එය උතුම් වන්නේය.