හිරු නැගෙනහිරෙන් උදාවීම වෙනුවට බටහිරින් උදාවීම අවසන් දිනයේ මහා සළකුණු අතරින් එකක් බව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මිනිසුන් එය දකින අවස්ථාවේ සියලු දෙනාම දේවත්වය විශ්වාස කරති. එම අවස්ථාවේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගේ විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. එමෙන්ම ඔහුගේ දැහැමි ක්‍රියාවන් හෝ ඔහුගේ පශ්චාත්තාපය හෝ ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. පසු ව, අවසන් හෝරාව ක්ෂණික ව සිදුවන බව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දන්වා සිටියහ. ජනයා කවර තත්ත්වයන් මත සිටින්නේ ද ඒ ඒ තත්ත්වයන් හි ඔවුන්ගේ ජීවන කටයුතුවල යොමු වී සිටිය දී එය ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා අතර වෙළඳාම් කිරීමට ඇඳුමක් දිගු හරිමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. එහි ගනු දෙනු කිරීමට හෝ එය නවා දැමීමට හෝ ඔවුන් දෙදෙනාට නොහැකි වනු ඇත. මිනිසකු තම ඔටුවාගේ කිරි දොවමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. ඔහුට එය පානය කිරීමට නොහැකි වනු ඇත. මිනිසෙකු තම තටාකය සකසා එය සුමට කරමින් සිටිය දී අවසන් හෝරාව උදා වනු ඇත. එයට ජලය සැපයීමට පවා ඔහුට නොහැකි වනු ඇත. මිනිසෙකු ආහාර මිටක් තම කටට ඔසවන තත්ත්වයේ අවසන් හෝරාව උදා වනු ඇත. ඔහුට එය අනුභව කිරීමට පවා නොහැකි වනු ඇත.