සුබෙයිර් ඉබ්නුල් අවාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය" යන (අත්-තකාසුර්: 8) පාඨය පහළ වූ කල්හි, සුබෙයිර්: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි කවර සැප පහසුකමක් ගැන විමසනු ලබන්නෙමු ද? ඉඳි සහ ජලය යන අල්ප කරුණු දෙක පිළිබඳවත් දැ?"යි විමසීය. එතුමාණෝ සැබැවින්ම "එය එසේම වනු ඇත." යැයි පැවසූහ. حسن - رواه الترمذي وابن ماجه
explain-icon

විවරණය

මෙම පාඨය පහළ වූ කල්හි "පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය" එනම් අල්ලාහ් ඔබට පිරිනමා ඇති ආශිර්වාදවලට ස්තූති කිරීම ගැන ඔබෙන් අසනු ඇත. සුබෙයිර් ඉබ්නුල් අවාම් තුමා මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි කවර සැප පහසුකමක් ගැන විමසනු ලබන්නෙමු ද? ඉඳි සහ ජලය වැනි ප්‍රශ්න කරන්නට තරම් නොවටිනා අල්ප කරුණු දෙක පිළිබඳවත් ප්‍රශ්න කරනු ලබන්නෙමු ද?" එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ සමග වන ආශිර්වාදයක් පිළිබඳ ඔබෙන් විමසනු ලබනු ඇත. සැබැවින්ම ඒ දෙක උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අතරින් අති මහත් ආශිර්වාද දෙකකි." යැයි පැවසූහ.

explain-icon

හදීසයේ හරය

  • ආශිර්වාද සඳහා උත්තරීතර අල්ලාහ්ට තුතිවන්ත වීමට අවධාරණය කිරීම.
  • මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ගැත්තා තමන් අත් විඳි අල්ප හෝ අධික කවර අශිර් වාදයක් වුව ද ඒ ගැන විමසනු ලබනු ඇත.
explain-icon

අමතර