තම සමූහයාගේ අවසන් කාලයේ බොරු ගොතා පවසන මිනිසුන් බිහිවනු ඇති බවත් ඔවුනට පෙර සිටි කිසිවකු නොපැවසූ දෑ ඔවුන් පවසා සිටිනු ඇති බවත් ගොතන ලද බොරු හදීස් දන්වා සිටිනු ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එබැවින් ඔවුන්ගෙන් දුරස්වන මෙන් ද ඔවුන් සමග වාඩි නොවන මෙන් ද ඔවුන්ගේ කතාවට සවන් නොදෙන මෙන් ද එතුමාණෝ අපට නියෝග කළහ. එය, ගොතන ලද හදීස් සිත් තුළ සහතික නොවනු පිණසය. එසේ වී නම්, ඉන් මිදීමට අපොහොසත් වන්නෙමු.