නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර වාඩි වී සිටිය දී "එය දැනුම අත්පත් කර ගනු ලබන, දැනුම මිනිසුන්ගෙන් උදුරා ගනු ලබන කාලයයි" යනු පවසා සිටියහ. සියාද් ඉබ්නු ලුබෙයිද් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා පුදුමයට පත්ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසා සිටියේය. ""දැනුම අත්පත් කර ගනු ලබනුයේ කෙසේ ද එය අපෙන් පහව යනුයේ කෙසේ ද? සැබැවින්ම අපි අල් කුර්ආනය කියවා ඇත්තෙමු. එය අපි කටපාඩම් කර ඇත්තෙමු. අල්ලාහ් මත දිවුරා පවසමි අපි එය කියවා අපගේ කාන්තාවන්ට දරුවන්ට මෙන්ම ඔවුන් ද ඔවුන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට උගන්වා දෙන්නෙමු" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පුදුමයට පත්ව "අහෝ සියාද්! ඔබට කුමක් වීද! සැබැවින්ම ඔබ මදීනා වාසී විද්වතුන් අතර කෙනෙකු බව මම සිතා සිටියෙමි" යැයි පැවසූහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම දැනුම අහිමි වී යන්නේ කුර්ආනය අහිමි වී යාමෙන් නොව, දැනුම අහිමි වී යන්නේ ඒ අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් බව පැහැදිලි කළහ. යුදෙව්වන් හා කිතුනුවන් අතර තව්රාතය හා ඉන්ජීලය විය. නමුත් ඒ සමගම ඒවා ඔවුනට ප්‍රයෝජනවත් වූයේ නැත. ඒ දෙකෙහි අපේක්ෂිත කරුණින් ඔවුන් ඵල නෙලා ගත්තේ ද නැත. එය ඔවුන් දැනගත් දේ අනුව ක්‍රියා කිරීමය.