මුහම්මද් තුමාගේ පිළිවෙතට (නීතියට) අනුව මිනිසුන් අතර යුක්ති සහගතව විනිශ්චය කිරීම සඳහා මරිය තුමියගේ පුත් ඊසා තුමාගේ පහළවීම ඉතා සමීපයෙන් සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා පවසා සිටියි. සැබැවින්ම ඔහු කිතුනුවන් ගරුබුහුමන් කරන කුරුස කඩා දමනු ඇත. සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමා ඌරන් මරා දමනු ඇත. සැබැවින්ම එතුමා ජිස්යා බදු අහෝසි කරනු ඇත. ඉස්ලාමය වෙත පිවිසෙන මෙන් මිනිසුන් සියලු දෙනාට බල කරනු ඇත. කිසිවකු දානය පිළි නොගන්නා තරමට ධනය ගලනු ඇත. එය ධනය අධික වීම හේතුවෙනි. කෙනෙකු අතෙහි ඇති දෑ තව කිසිවෙකුට අවශ්‍ය නො වනු ඇත. සමෘදිය පහළ වන අතර අඛණ්ඩව යහපත සැළසෙනු ඇත.