අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "කාලය පටු වන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. එවිට වසර මාසය මෙන් වනු ඇත. මාසය සතිය මෙන් වනු ඇත. සතිය දිනය මෙන් වනු ඇත. දිනය හෝරාව මෙන් වනු ඇත. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් වනු ඇත." صحيح - رواه أحمد
explain-icon

විවරණය

කාලය පටුවීම අවසන් හෝරාවේ සළකුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එවිට වසර මාසයක් ගත වන්නා සේ හඹා යයි. මාසය සතියක් ගත වන්නා සේ හඹා යයි. සතිය දිනයක් ගත වන්නා සේ හඹා යයි. දිනය එක් හෝරාවක් ගත වන්නා සේ හඹා යයි. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් ඉතා ඉක්මණින්ම හඹා යයි.

explain-icon

හදීසයේ හරය

  • කාලයේ ආශීර්වාදය නැති වී යාම හා ඉක්මණින් ගත වීම අවසන් හෝරාවේ සළකුණකි.