අල්ලාහ්ගේ දූතයාණන් අපට යම් දෙයකින් වළක්වා ඇත්නම්, කිසිදු ව්‍යතිරේකයකින් තොරව ඉන් අපි වැළකී සිටිය යුතු බවත් එතුමාණන් අපට යම් ක්‍රියාවක් කරන මෙන් නියෝග කර ඇත්නම් අපට හැකි පමණින් එය අප ඉටු කළ යුතු බවත් එතුමාණෝ පැහැදිළි කළහ. පසුව පෙර විසූ ඇතැම් ජන සමූහයන් තම නබිවරුන්ට විරුද්ධ වී ඔවුන්ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටීම හේතුවෙන් විවිධාකාර විනාශයන් තුළින් අල්ලාහ් දඬුවම් කළ අය මෙන් අප ද නොවන ලෙස එතුමාණෝ අපට අවවාද කළහ. එබැවින් එසේ ඔවුන් විනාශ වී ගියාක් මෙන් අප ද විනාශ වී යන තරමට ඔවුන් මෙන් අප කටයුතු නොකළ යුතුය.