අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන්ව දකින්නාක් මෙනි. එතුමා නබිවරුන් අතුරින් නබිවරයකු ගැන කතාවක් පැවසූහ. (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඔහුගේ සමූහයා ඔහුට පහර දී ලේ ගලන තරමට තුවාල කළෝය.ඔහු තම මුහුණෙන් එම ලේ පිස දමමින් මෙසේ පැවසීය. අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

අපගේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නබිවරුන් අතුරින් නබිවරයකු පිළිබඳව කතාවක් පැවසූහ. නියත වශයෙන්ම ඔහුගේ සමූහයා ඔහුට පහර දුන්නෝය. එවිට ඔහු තම මුහුණින් එම ලේ පිස දමා ඔවුන් වෙනුවෙන් ඔහු සමාව අයැදි සිටියේය. මෙය ඉවසීමේ හා දරාගැනීමේ උච්චතම අවස්ථාවයි. එපමණක් නොව ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කිරීමෙන් පමණක් සීමා කර ගත්තේ නැත. ඔවුනට සමාව ද දුන්නේය. එය ඔවුන් කෙරෙහි දක්වන ආදරයේ ඉහළ අවස්ථාවයි. හේතුව ඔවුන් කරුණුවල යථාර්ථය ගැන නොදැනුවත් බැවිනි.