අපගේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නබිවරුන් අතුරින් නබිවරයකු පිළිබඳව කතාවක් පැවසූහ. නියත වශයෙන්ම ඔහුගේ සමූහයා ඔහුට පහර දුන්නෝය. එවිට ඔහු තම මුහුණින් එම ලේ පිස දමා ඔවුන් වෙනුවෙන් ඔහු සමාව අයැදි සිටියේය. මෙය ඉවසීමේ හා දරාගැනීමේ උච්චතම අවස්ථාවයි. එපමණක් නොව ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කිරීමෙන් පමණක් සීමා කර ගත්තේ නැත. ඔවුනට සමාව ද දුන්නේය. එය ඔවුන් කෙරෙහි දක්වන ආදරයේ ඉහළ අවස්ථාවයි. හේතුව ඔවුන් කරුණුවල යථාර්ථය ගැන නොදැනුවත් බැවිනි.