"සැබැවින්ම ආගමික නීති කරණය කොටස් තුනකට බෙදී තිබේ. එනම් ඒ ගැන නිහඬවූ දේ, තහනම් කළ දේ හා ඉටු කරන ලෙස නියෝග කළ දේ" යැයි නබි සල්ලල්ලහු අලෙයිහි ව සල්ලම් තුමාණන් සඳහන් කළහ. පළමුවැන්න: ආගම ඒ් ගැන කිසිදු තීන්දුවක් නොදී නිහඬව සිටීමය. යම් කයුතුවල තීන්දුවක් නැති නම්, ඒ්වා සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්තිය වනුයේ ඒවා අනිවාර්යය නොවන බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලය වනාහි, යමක් අනිවාර්යය වේ යැයි හෝ තහනම් වේ යැයි හෝ බියෙන්, සිදු නොවූ දෙයක් පිළිබඳ විමසීම අනිවාර්යයෙන්ම අත්හැර දැමිය යුතු කාලයක් විය. හේතුව, සැබැවින්ම අල්ලාහ් ඒවා අත්හැර දැමුවේ ගැත්තන් හට ආශිර්වාදයක් වශයෙනි. එතුමාණන්ගෙන් පසු වූ කාලය වනාහි, ප්‍රශ්න කිරීම නීති පැතීමේ පදනම හෝ ඉගැන්වීමේ පදනම මත වී නම්, ඔහුට ආගමික කරුණක් ගැන විමසීමට අවශ්‍යතාව වී නම්, එය අනුමත කාර්යයක් පමණක් නොව එසේ ප්‍රශ්න කර සිටීම නියෝග කරනු ලැබූවකි. එය අනවශ්‍ය යටි අරමුණක් ඇතිව ප්‍රශ්න ඇසීම වනාහි හදීසයේ සඳහන්වී ඇති පරිදි යමක් ගැන විමසීම අත්හැරීම සුදුසුයි යන අදහස එයයි. එය ඉස්රාඊල් දරුවන්ට අත් වූ දෑ මෙන් දෙයක් වෙත යොමු වනු ඇත. ඔවුනට එළදෙනක් කැපීමට නියෝග කරනු ලැබූ විට කවර හෝ එළදෙනක් කපා එය සිදුකරන්නට තිබුණ ද ඔවුන් ඒ ගැන දැඩිව විමසන්නට ගත්හ. පසුව එය ඔවුනට දැඩි විය. දෙවැන්න: තහනම් කිරීම්: එනම්, එය අත් හැර දැමූ අයට කුසල් ලැබෙන අතර එය සිදු කළ අයට දඬුවම් හිමි වනු ඇත. එබැවින් ඒ සියලු දැයින් වැළකී සිටීම අනිවාර්යය වේ. තුන්වැන්න: නියෝග: එනම් එය සිදු කළ අයට කුසල් ලැබෙන අතර එය අත්හරින අයට දඬුවම් හිමි වනු ඇත. එබැවින් තමන්ට හැකි පමණින් එය ඉටු කිරීම අනිවාර්යය වේ.