"නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී." එනම්: එතුමා වෙත මිඃරාජ් රාත්රිය හෙවත් ගුවන් ගමන් කළ රාත්රියෙහි ජිබ්රීල් තුමා මත් පැන් පිරුණු බඳුනක් හා කිරි පිරුණු බඳුනක් ගෙන ආහ. "එතුමා ඒ දෙක දෙස බැලූහ" එය ඒ දෙකින් එකක් තෝරා ගැනීමට දුන්නාක් මෙනි. කිරි බඳුන තෝරා ගැනීමට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තීරණය කොට එය අතට ගත්හ. එවිට ජිබ්රීල් තුමා: ස්වභාධර්මය හෙවත් ඉස්ලාමය වෙත මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා එනම්: ඉස්ලාමයේ හා ස්ථාවරත්වයේ සංකේතය ඔබ තෝරා ගත්තෙහිය යන්නයි. කිරි ඒ වෙත සංකේතවත් කළේ එය පානය කරන්නන් හට පිරිසිදු පිවිතුරු ඉමිහිරි පහසු පානයකි. අඩුපාඩුවලින් තොරය. ඔබ මත් පැත් ගන්නෙහි නම් ඔබේ සමූහයා ඔබ නොමඟ යවනු ඇත. බලන්න: දලීලුල් ෆාලිහීන් (7/207), රියාලුස් සාලිහීන් හි විග්රහය: (5/462)