වැළකී සිටි අයකු හැර තම ප්‍රජාවේ සියලු දෙනා පාහේ ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ වැළකී සිටින්නේ කවුරුන් දැ?'යි සහාබාවරු (රළියල්ලාහු) විමසා සිටියෝය. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිතුරු දෙමින්, 'කවරෙකු යටත් වී පිළිපදිමින් අල්ලාහ්ගේ දූතයාණන්ට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු පිටු පා ෂරීආ නීතියට යටත් නොවූයේ ද සැබැවින්ම ඔහු ඔහුගේ නපුරු ක්‍රියා හේතුවෙන් ස්වර්ගයට පිවිසීමෙන් වළකනු ලැබීය.'