අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වී නම් ඔහු ස්වර්ගවාසීන් අතරින් වනු ඇත. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී නම්, ඔහු අපා ගින්නේ වාසීන් අතරින් වනු ඇත. එවිට ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ." صحيح - متفق عليه
explain-icon

විවරණය

ගැත්තෙකු මිය ගිය විට, ඔහුගේ නවාතැන, ස්වර්ගයේ හෝ අපා ගින්නේ හෝ ඔහුට හිමි විශේෂ ස්ථානය දහවල් ආරම්භයේ හා එහි අවසානයේ ඔහුට නිරූපණය කරනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු නම් ඔහුගේ නවාතැන ස්වර්ගයේ පවතී. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු නම්, ඔහුගේ නවාතැන අපා ගින්නේ පවතී. තවදුරටත් ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ. එහි දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා සැපත විඳින අතර මුරන්ඩු ලෙස දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර් වරයා දඬුවම විඳිනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • මිනීවලෙහි පවතින දඬුවම හා එහි පවතින සැපත සැබෑවකි.
  • ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සැබැවින්ම මෙසේ නිරූපණය කරනු ලබනුයේ දේවත්වය විශ්වාස කරන අවංක මුඃමින්වරයාට හා පැහැදිලිව දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයාටය. හොද නරක මිශ්‍ර වූ මුඃමින්වරයා වනාහි, ඔහුට ද ස්වර්ගයේ ඔහු පිවිසෙන්නට නියමිත ඔහුගේ වාසස්ථානය පෙන්වනු ලැබේ.
explain-icon

අමතර