සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා." صحيح - رواه البخاري
explain-icon

විවරණය

අල් කුර්ආනය හා හදීස් පිළිබඳ දැනුම දැනුවත් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කර සිටියි. එය කුර්ආනයෙන් හෝ හදීසයෙන් හෝ එක් වාක්‍යයක් වැනි සුළු කරුණක් වුව ද කම් නැත. නමුත් තමන් දැනුවත් කරන දෑ හා ඇරයුම් කරන දෑ පිළිබඳව දැනුවත්ව සිටීමේ කොන්දේසිය මතය. පසුව අපගේ ෂරීආ පිළිවෙතට පටහැනි නොවන සිදුවීම් ඉස්රාඊල් දරුවන්ට සිදු වී ඇත්නම් එවැන්නක් සම්බන්ධයෙන් ඔවුන් ගැන කතා කිරීම වරදක් නැති බව ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව තමන් වෙත බොරු පවසා සිටීම ගැන ද අවවාද කළහ. සැබැවින්ම කවරෙකු තමන් වෙත උවමනාවෙන්ම බොරු පවසා සිටියේ ද ඔහු අපා ගින්නේ නවාතැනක් ඔහු වෙනුවෙන් වෙන්කර ගනිත්වා!

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ්ගේ ආගම සන්නිවේදනය කිරීම ගැන උනන්දු කරවීම. තමන් මතක තබා ගත්, වටහා ගත් දෑ සුළුවෙන් වුව ද එය ඉටු කිරීම පුද්ගලයා සතු වගකීමකි.
  • නිවැරදි ස්වරූපයෙන් අල්ලාහ් නැමදීමටත් ඔහුගේ ආගම සන්නිවේදනය කිරීමටත් හැකි වන පරිදි ආගමික දැනුම සෙවීමේ අනිවාර්යභාවය.
  • දැඩි අවවාදවලට හසුවීමෙන් ආරක්ෂා වන පරිදි කවර හදීසයක් වුව ද එය වාර්තා කිරීමට හෝ දන්වා සිටීමට ‌පෙර එහි නිවැරදි භාවය ගැන සහතික කර ගැනීමේ අනිවාර්යයභාවය.
  • බොරු කීමෙහි නොවැටෙන සේ කතාවේ අවංකකම සහ ප්‍රකාශයේ ප්‍රවේශම්භාවය ගැන දිරි ගැන්වීම. විශේෂයෙන්ම සර්වබලධාරී අල්ලාහ්ගේ නීතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී පිළිපැදිය යුතු වේ.
explain-icon

අමතර