අබූ නජීහ් අල්-ඉර්බාල් ඉබ්නු සාරියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට උපදෙසක් දුන්හ. එමගින් හදවත් තිගැස්සින. ඇස් කඳුළු සළන්නට විය. පසුව අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙය සමුගැනීමේ උපදෙසක් මෙන්ය. අපට (තවත්) උපදෙස් දෙන්න." යැයි පැවසුවෙමු. එතුමාණෝ මෙසේ පැවසූහ: "අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි." صحيح - رواه أبو داود والترمذي
explain-icon

විවරණය

සිත් සසල කරන ඇසිවලින් කඳුළු වගුරන ප්‍රබල උපදෙසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරන් අතර දේශනා කළහ. එවිට ඔවුහු නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදේශය තුළ අතිශයෝක්තිභාවයක් දුටු නිසාවෙන් 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මෙය සමුගන්නෙකුගේ උපදෙසක් මෙන් තිබේ' යැයි පැවසුවෝය. එහෙයින් එතුමාගෙන් පසුව තමන්ට පිළිපැදිය හැකි උපදෙසක් තමන්ට ලබා දෙන මෙන් ඔවුහු පැතූහ. එතුමාණෝ: 'සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තිමත් ව, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කිරීම ගැන මම ඔබ සැටම උපදෙස් දෙමි. එය අනිවාර්යය වගකීම් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දැයින් ඉවත්වීමෙන් විය යුත්තකි' යැයි පැවසූහ. "සවන් දිය යුතුය. අවනත විය යුතුය" යනුවෙන් අදහස් කරනුයේ ප්‍රධානීන් හා නායකයින් හට සවන් දීම හා අවනත වීමය. ඔබට ඉහලින් වහලෙකු නායකත්වයට පත් කළේ නම්, ඔහු ඔබව පාලනය කරන්නේ නම්, ඔහු මැවීම් අතරින් පහත් අයකු වුව ද ඔබේ ප්‍රධානියකු බවට ඔහු පත් කරනු ලැබුවේ නම් ඔබ ඒ ගැන පිළිකුල් නොකළ යුතුය. ඔහුට අවනත විය යුතුය. අර්බූද ඇතිවීම ගැන බිය වන්න. සැබැවින්ම ඔහු ඔබ අතරින් ජීවත් වන අයෙකි. (නැතහොත්) බොහෝ ගැටුම් දකිනු ඇත. පසුව මෙම මත ගැටුම්වලින් මිදිය හැකි ක්‍රමය එතුමාණෝ ඔවුනට පැහැදිලි කළහ. එනම්, එතුමාණන්ගේ පිළිවෙත හා එතුමාණන්ගෙන් පසු පැමිණි යහමඟ ලැබූ කුලෆාඋර් රාෂිදීන් හෙවත් අබූ බක්ර් අස්-සිද්දීක්, උමර් ඉබ්නුල් කත්තාබ්, උස්මාන් ඉබ්නු අෆ්ෆාන් සහ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හුම්) යන සිව් මහා පාලකයින්ගේ පිළිවෙත පිළිපැදීමය. එය පුරස්චාර්වක දත්වලින් හොඳින් අල්ලා ගන්න යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ. ඉන් අදහස් කරනුයේ නබි පිළිවෙත අවැසි කර ගෙන හා එය පිළිපැදීමය. දහම තුළ අලුතින් නිර්මාණය කරන ලද කරුණු සම්බන්ධයෙන් එතුමාණෝ අවවාද කළහ. හේතුව එසේ අලුතින් නිර්මාණය කරනු ලබන සෑම දෙයක්ම මුළාවෙහි පවතින බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • නබි පිළිවෙත පිළිපැදීමේ හා එය අනුගමනය කිරීමේ වැදගත්කම.
  • උපදෙස් පිළිබඳ සැළකිලිමත් වීම සහ සිත් සන්සුන් කර ගැනීම.
  • එතුමාණන්ගෙන් පසුව කුලෆාඋර් රාෂිදූන් හෙවත් යහමග ලැබූ සිව් මහා පාලකයින් අනුගමනය කිරීමේ නියෝගය. එම සිව් මහා පාලකයින් වනුයේ, අබූ බක්ර්, උමර්, උස්මාන් සහ අලී (ඔවුන් සියලු දනන් අල්ලාහ් පිළිගනිත්වා!) යන අය වෙති.
  • දහම තුළ අලුත් කරුණු නිර්මාණය කිරීම ගැන තහනම, අලුතින් නිර්මාණය කරනු ලබන සෑම දෙයක්ම මුළාවකි.
  • පාපකාරී කටයුතුවල දී හැර අන් සියලු කටයුතුවලදී මුඃමින්වරුන්ගේ කටයුතු භාරව සිටින්නන් හට සවන් දීම හා අවනත වීම.
  • සියලුම වේලාවන්හි හා අවස්ථාවන්හි සර්ව බලධාරී අල්ලාහ් කෙරෙහි වන භක්තිමත් භාවයේ හා සිහියේ වැදගත්කම.
  • මෙම සමාජය තුළ මත ගැටුම් ඇතිවනු ඇත. එසේ සිදුවන අවස්ථාවන්හි අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිවෙත හා කුලෆාඋර් රාෂිදූන්වරුන්ගේ පිළිවෙත වෙත යොමු විය යුතුය.
explain-icon

අමතර