මදීනාවට සමීපයෙන් පිහිටි නගරයක් වූ කයිබර්හි යුදෙව්වන් හෙට දින පරාජය කොට මුස්ලිම්වරුන් ජයග්‍රහණය ලබන බවත්, එහිදී එම ධජය කවරෙකුට පිරිනමනු ලබන්නේ ද එම පුද්ගලයාගේ අතින් එය සිදුවන බවත් සහාබාවරුන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ධජය යනු සේනාවක් විසින් සංඛේතයක් ලෙස රැගෙන යන කොඩියකි. මෙම පුද්ගලයා ගැන ගුණ වර්ණනා කළේ, සැබැවින්ම හෙතෙම අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් ප්‍රිය කරන අතරම අල්ලාහ් හා ඔහුගේ දූතයා ද ඔහුට ප්‍රිය කරන පුද්ගලයෙකු වන වගයි. උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කර සිටියහ. සැබැවින්ම තමන් පාලන ධූරයට අපේක්ෂා කළේ එදින පමණය. ඒ හැර වෙනත් කිසි දිනක ඒ සම්බන්ධයෙන් හෙතෙම ප්‍රිය නොකළ බවයි. එය ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ ආදරය හිමි කර ගැනීමේ කැමැත්තෙනි. උමර් (රළියල්ලාහු අන්හු) තුමා, තමන්ව ඒ සඳහා කැඳවනු ඇතැයි සිතා, එම ධජය ලබන්නට කැමැත්තෙන් හා ආශාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙනෙන පරිදි එතුමා තම ශරීරය උලුප්පා ගත්හ. නමුත් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාව කැඳවා එම කොඩිය ඔහුගේ අතට දුන්හ. පසුව එතුමාණෝ ඔහුට සේනාව මෙහෙයවන ලෙසත්, සතුරා හමුවීමෙන් පසු මෙම බලකොටුවලට ජයග්‍රහණය අල්ලාහ් තමන්ට හිමි කර දෙන තෙක් හා ඒවා ආක්‍රමණය කරන තෙක් සටනින් ඉවත් වී විවේක නො ගන්නා ලෙසත්, නතර නොවන ලෙසත් එතුමාට නියෝග කළහ. පසුව අලී (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියට ගොස්, නබි තුමාණන්ගේ නියෝගයට පිටු නොපාන පරිදි, හැරී නොබලාම නතර වී, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා ජනතාව සමග අරගල කළ යුත්තේ ඇයි"දැයි හඬනගා විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බව හා මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දරන තුරු ඔහු ඔවුන් සමග සටන් කළ යුතු බවත්, එසේ ඔවුන් පිළිතුරු දී ඉස්ලාමයට පිවිසුණේ නම්, ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් ආරක්ෂා කර ගත් බවත්, ඔබට ඒවා තහනම් බවත් පවසා සිටියහ. නමුත් ඒවායෙහි නීත්‍යානුකූල හේතුවක් නිසාවෙන් මිස. එනම් වරදකට ඉස්ලාම් අනිවාර්යය කරන ලද මරණ දඬුවම ඔවුන් උරුම කර ගත්තේ නම් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.