හිජ්රි දෙවැනි වසරේ සිදුවු බද්ර් යුද්ධයට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්ව සටන් කරමින් සහභාගී වූ අය හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අය කිසිවිටෙකත් අපා ගින්නට පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. හිජ්රි හය වැනි වසරේ සිදු වූ බය්අතුල් රිළ්වාන් ද එහි ඇතුළත් වේ.