උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය. صحيح - متفق عليه
explain-icon

විවරණය

දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රධානියෙකු වූ උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා හජර් අල් අස්වද් හෙවත් කඃබාවෙහි කොනක තැන්පත් කොට ඇති ගල වෙත පැමිණ එය සිප ගෙන මෙසේ පවසා සිටියේය: "නියත වශයෙන්ම ඔබ ගලක් බව මම දනිමි. හිංසාවක් කිරීමට හෝ සෙතක් සැලසීමට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා දැක නොතිබුණේ නම් මම ඔබ සිප නොගනිමි."

explain-icon

හදීසයේ හරය

  • කඃබාව වටා තවාෆ් කරන්නන් හට හජ්රුල් අස්වද් ගලට සමාන්තරව ඔවුන් පැමිණි විට පහසුකමක් ඇත්නම් එම ගල සිප ගැනීම ආගමානුගත කරන ලද්දකි.
  • හජ්රුල් අස්වද් ගල සිප ගැනීමේ අරමුණ වනුයේ අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිපැදීමය.
  • නවවි තුමා මෙසේ පවසයි. "කිසියම් සෙතක් හෝ හානියක් කිරීමට එයට කිසිදු බලයක් නැත. එය සෙසු මැවීම් හා සමාන කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කළ නොහැකි මැවීමකි. මෙම සමයේ උමර් තුමා මෙය ප්‍රසිද්ධියට පත් කළේ විදේශකයින් අතර සාක්ෂි දැරීමට හා විවිධ රටවල්වල සිටින ජනයා එයින් ආරක්ෂා කිරීමට ය."
  • නැමදුම් අත්හිටුවා ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉන් පනවන ලද දෑ හැර වෙනත් කිසිවක් ආගමානුගත නොවේ.
  • නැමදුම් සහතික වූ විටෙක, එහි නීතිය නො දන්නා වුව ද එය ක්‍රියාවට නැංවේ. ඊට හේතුව ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මිනිසුන් ඒවා පිළිපැදීම හා ඒවාට අවනත වීම ද අපේක්ෂිත ප්‍රඥාවන් අතරින් එකක් වන බැවිනි.
  • සිප ගැනීමට ආගම පෙන්වා නො දුන්, ගලක් හෝ වෙනත් යම් දෙයක් හෝ නැමදුමක් ලෙස ගෙන, එය සිප ගැනීම තහනම් වේ.
explain-icon

අමතර