අබූ සල්මාන් කාලිද් ඉබ්නු අල් වලීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඅත්තා යුද දිනයේ මාගේ අතෙහි අසිපත් නවයක් සැබැවින්ම කැඩී ගියේය. යමන් දේශයේ කඩුවක් හැර වෙන කිසිවක් මාගේ අතෙහි ඉතිරි වූයේ නැත.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

කාලිද් ඉබ්නු වලීද් -රළියල්ලාහු අන්හු- තුමා අල්ලාහ්ගේ අසිපතය, ඉස්ලාමයේ අශ්වාරෝහකය, නරඹන්නන්ගේ සිංහයාය, දිවි පරදුවට තබන්නන්ගේ ප්රධානියාය. එතුමා අඥාන යුගයේ කුරෙය්ෂි ප්රධානීන් අතුරින් කෙනෙකු වූහ. මක්කා ජයග්රහණයට පෙර ඉස්ලාමය වැළද ගත්හ. උහද් යුද්ධයේදී දේව ආදේශක කුරෙය්ෂි සේනාවේ කෙනෙකු වූහ. පසුව ඉස්ලාමය වැළද ගත්හ. අල්ලාහ්ගේ පූර්ණ ශක්තිය විදහා පාන සාධකයක් මෙහි ඇත. සියලු කරුණුවල ස්ථාවරත්වය ඔහු සතු වන්නේය. ඔහු අභිමත කරන අය නොමග හරින අතර ඔහු අභිමත කරන අයට මග පෙන්වා දෙනු ඇත. මුඅත්තා යුද සමයෙහි තම අතෙහි කඩු කැඩී තිබුණු බව එතුමා දන්වා සිටියි. මෙය එතුමාගේ වීරත්වය පෙන්වා දෙන්නකි.

explain-icon

අමතර