එකම යුගයක එකිනෙකා මුණ ගැසෙන මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨතම අය වනුයේ අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ සහගාමීන් ජීවත් වූ යුගය බවත් ඔවුනට පසුව අල්ලාහ්ගේ දූතයාණන් හමු නොවුණ ද සෙසු සහාබාවරුන් හමු වූ යුගයේ අය බවත් පසුව එම අනුගාමකියන් අනුගමනය කළ යුගයේ අය බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඉන් පසු ඔවුනට පසුව එන සිව් වැනි යුගය ගැන සඳහන් කිරීමේ දී එම සහාබිවරයා පසුබට වී ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: ඔවුන් අතරින් පිරිසක් වෙති. ඔවුන් වංචා කරති. ඔවුන් ගැන මිනිසුන්ට විශ්වාස කළ නොහැක. ඔවුන්ගෙන් සාක්ෂියට පෙනී සිටින මෙන් ඉල්ලා සිටීමට පෙර ඔවුන් සාක්ෂි දෙති. ඔවුන් භාර වෙති. නමුත් එය ඔවුන් ඉටු නොකරති. ඔවුන් තුළ තරබාරුකම පෙනෙන තරමට ආහාර පාන විශාල වශයෙන් ගනිති.