උත්තරීතර අල්ලාහ් අබියස තම නිලය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා ලබා ගත් පරිදි සැබැවින්ම ආදරයේ උසස්ම නිලය එතුමාණන් ලඟා කර ගැනීමය. එබැවින් අල්ලාහ් හැර වෙනත් සමීප මිතුරෙකු එතුමාණන්ට නොවීය. හේතුව සැබැවින්ම එතුමාණන්ගේ හදවත උත්තරීතර අල්ලාහ්ගේ ආදරයෙන්, ඔහුගේ ගරුබුහුමන් බවින් හා ඔහු හඳුනාගැනීමෙන් පිරී පැවතිනි. එබැවින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට එය ව්‍යාප්ත නොවීය. එසේ මිනිසුන් අතරින් කිසිවකු හෝ එතුමාණන්ගේ සමීප මිතුරෙකු වී නම්, ඔහු අබූ බක්ර් අස්-සිද්දීක් තුමා වන්නට තිබුණි. පසු ව යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන්, අල්ලාහ් හැර දමා ඔවුන් ඒවා නමදින හවුල් දෙවිවරුන් බවට පත් කර ගනිමින් ඔවුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවටත් නැමදුම් ස්ථාන බවටත් පත් කර ගනිමින් ඔවුන් කටයුතු කළාක් මෙන් තමන්ට ආදරය කිරීමේ දී අනුමත සීමාව ඉක්මවා යෑම ගැන අවවාද කළහ. ඔවුන් සිදු කළ ක්‍රියාවන් මෙන් කටයුතු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට තහනම් කළහ.