නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුගාමිකයින් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකුට විද්යාමාන වූ ප්රාතිහාර්යයක් පිළිබඳ මෙම හදීසයේ සඳහන්ව ඇත. ඇතැම් හදීස් ඔස්සේ සැබැවින්ම ඔවුන් දෙදෙනා අබ්බාද් ඉබ්නු බෂර් සහ උසෙය්ද් ඉබ්නු හුළෙය්ර් -රළියල්ලාහු අන්හුමා- බව සඳහන්ව ඇත. සැබැවින්ම මෙම කීර්තිමත් අනුගාමිකයින් දෙදෙනා ඝණාන්ධකාර රාත්රියක නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සිටියහ. එවන් රාත්රියක සාමාන්යයෙන් පහසුවෙන් මිනිසෙකුට ගමන් කිරීමට නොහැක. පුදුමාකාර ප්රාතිහාර්යයක් තුළින් අල්ලාහ් ඔවුන් දෙදෙනාට උපකාර කළේය. එනම්, ඔවුන් දෙදෙනා ගමන් කරන මාර්ගය ආලෝකමත් කරනු පිණිස ඔවුන් දෙදෙනා ඉදිරියෙන් විදුලි පහනකට සමාන අලෝකයක් තැබීමෙනි. මෙම කීර්තිමත් අනුගාමිකයින් දෙදෙනා වෙන්ව ගිය කල්හි ඔවුන් දෙදෙනාගෙන් එක් එක්කෙනෙකුම තම නිවස බලා ඉතා පහසුවෙන් හා නිදහසේ ගමන් කරනු පිණිස ඔවුන් දෙදෙනාට වෙන වෙනම ආලෝකයක් බවට එය පත් විය.